එක් සංගමයක් පාසල් සිසුන් ප්‍රවාහනය ඇරඹීමට සූදානම්
සිය සංගමය හෙට (30දා) සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතා අද (29දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
නව පාසල් වාරය ආරම්භ කෙරුණද පාසල් ළමුන් පාසල් යාමට සිය රථවලට නොපැමිණීම නිසා පාසල් ආරම්භ කොට දින දෙකකින් සිය සේවාව අතර මග නතර කර දැමීමට සිදුවූ බවද රුවන් මහතා කීවේය.
“අපි පාඩුවට වුණත් පාසල් ළමුන් ප්‍රවාහනය හෙට (30දා) සිට ආරම්භ කරනවා. මේ සේවාව දිගටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.රජය පාසල් පවත්වාගෙන සම්බන්ධයෙන් යම් තීරණයක් නොගත්තොත් අපි අපේ සේවාව නොපිරිහෙලා ඉටු කරන්න සූදානම්.
සමහර පාසල් ළමුන් ප්‍රවාහන සංගම්වල සාමාජිකයින් මේ අවස්ථාවේදී ආත්මාර්ථකාමී ක්‍රියා මාර්ග ගත්තත් අපි එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොරෝනා සමග නැගී සිටීමට වෙර දරණ රජයට අපේ ශක්තිය උපරිමයෙන් දෙන්න කටයුතු කරනවා.
අපේ රථ විෂබීජහරණය කරලා තියෙන්නේ.ඒ නිසා අපේ රථවල යන්න පාසල් ළමුන්ට බිය විය යුතු නැහැ. පාසල් ළමුන් වෙනුවෙන් අපි හැමවිටම ඉන්නවා”
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

