මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද(15) ආරම්භ වේ.
ධීවර පවුල් 9,883ක් වෙනුවෙන් වන්දි මුදල් ලබාදෙයි. මීගමුව, වත්තල, ජා-ඇල, කටාන යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ධීවර පවුල් සඳහා එලෙස රුපියල් 5,000 වන්දි මුදල් හිමිවනු ඇතියි.