එක්ස්ප්‍රස් පර්ල් කළ හානිය සම්බන්ධයෙන් පෙත්සම් 5ක් සලකා බැලිමට දිනදෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය පිළිබද විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙසත් ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් සලකා බැලීමට දින නියම කෙරුණා.
දෙසැම්බර් පළමුවනදා එම පෙත්සම් කැදවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා යන අය ඇතුළු කිහිප දෙනෙකු මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ මීට පෙර තුන්වතාවක්ම පෙත්සම් සලකා බැලීම කල්ගිය බවයි.
අදාළ නෞකාවෙන් වන පරිසර හානිය දිනෙන් දින උග්රවන බැවින් පෙත්සම් සලකා බැලීමට කඩිනම් දිනයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඒ අනුවයි ලබන මස පළමුවනදා පෙත්සම් කැදවීමට නියෝග කෙරුණේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

