එංගලන්තයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (7) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ , ලන්ඩන් නුවර , හීත්රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් 6/07 දින අලුයම 2.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණි .
මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමට අවම වශයෙන් , මෙම ගුවන් මගීන් ගෙන් සෙම පටල ලබා ගෙන , පැය 24 ක් පමණ ගත වෙන බැව් එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .
එහිදී මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වුවහොත් , එම ගුවන් මගීන් ළගම ඇති රෝහලට හෝ අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස දින 21 ක නීරෝධායන කාළයක් සදහා , එම මධ්‍යස්ථාන වෙනත් යොමු කිරීම සිදු කෙරේ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

