එංගලන්තයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින දහවල් ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට අද දින දහවල් 12.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 504 දරන විශේෂ ගුවන් යානය පැමිණ තිබුණි .
මෙම යානයෙන් පැමිණි සියලුම ගුවන් මගීන් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජහරණය කිරීමට ලක් කෙරුණි .
ඉන්පසුව මෙම මගීන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී ද යන්න ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමක් ද සිදු කෙරුණි .
ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි.

popular news
-
Ex Pohottuwa Friday, 29 May 2020 03:06 PM
UAE වලින් flight එකක් ගියේ සති තුනකට වගේ පෙර. England , Australia Thailand ශී ශේල්ල් විතරද ශ්‍රී ලංකා පුරවැසියෝ ඉන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

