ඌවේ කථිකාචාර්යවරු පහක් අනතුරකින් තුවාල ලබයි
- 2 09 2020
- 10:11
- {{hitsCtrl.values.hits}} views
- ..
ඌව වෙල්ලසස් විශ්ව විද්‍යාලයේ කථාකාචාර්යවරු 5 දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (2දා) අළුයම 2.50 පමණ බදුල්ල- මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අඩි 40 පමණ ප්‍රපාතකට පෙරළී අනතුරට ලක්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
එහි ගමන් ගත් 5 දෙනාම තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ. තුවාල ලැබූ කථිකාචාර්යවරු 5 දෙනා අතුරින් සිවු දෙනෙක් කාන්තාවන් බවත් එක් කාන්තාවක් ගැබිණියක් බවත් පොලිසිය සඳහන් කළේය.
මෝටර් රථය පැදවූ කථිචාර්යවරයාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්න ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබ . මෙම කථිකාචාර්යවරුන් විශ්ව විද්‍යාලයට එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.
පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
