දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඌරුජුවා යන අයගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසුගිය 06දා මුල්ලේරියාව පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 10ක් මෙම සැකකරු අත්ජංගුවට ගෙන තිබේ. සැකකරු අවුරුදු 30ක් වන හිඹුටාන, අංගොඩ පදිංචිකරුවෙක් වෙයි.
2020 වසරේදී හිඹුටාන ප්‍ර දේශයේදී ත්‍රි රෝද රථයක් කොල්ලකෑම, 2018 හා 2019 හංවැල්ල සිදූවූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අවශ්‍ය සැකකරුවෙක්, 2015 දී පාදුක්ක පොලිස් වසමේ ඉන්ධන හලක් කොල්ල කෑම, 2018 වසරේදී කඩුවෙල රථ පොළකට අනර්ථය සිදුකිරීම ආදී චෝදනාවලට අවශ්‍ය අයෙකි.