උස්බෙගිස්තාන කාන්තා රවටා ලිංගික කටයුුතුවලට අලෙවි කරලා
උස්බෙකිස්තානු කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇය ලිංගික කටයුතු වලට කුට්ටනය කිරීමට අදාළව අවුරුදු 31ක් වන වැල්ලවත්ත ප්‍රදේශයෙ පුද්ගලයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නැතැන්තන් වෙළදාම් හා සමුද්‍රීය වරැදි සම්බන්ධ කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සංක්‍රමණිකයන් පිළිබඳව ජාත්‍යන්තර ආයතනය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවේ රැකියාවක් ලබාදෙන බව පවසා මෙම උස්බෙකිස්තාන කාන්තාව මීට මාස කිහිපයට පෙර ශ්‍රි ලංකාවට ගෙනවිත් පසුව ලිංගික කටයුතු වෙනුවෙන් අලෙවි කර තිබේ.
උස්බෙගිස්තාන කාන්තාව අවුරුදු 36ක තැනැත්තියක් වෙයි. ශ්‍රී ලංකා ජාතික සැකකරුගේ බිරිඳද උස්බෙකිස්තාන කාන්තාවක් වන අතර ඇයද මෙවැනිම වරදක් කිරීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

