උපෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යන ලකුණු
2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විම කල් යාමේ අවදානමක් මතුව ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ, රට තුළ පවතින කොරෝනා වසංගතයත් සමග පාසල් වසා දැමීම හේතුවෙනි.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඇතුළු අදාළ බලධාරින් සමග සාකච්ඡා කර නිශ්චිත දින වකවානු තීරණය කිරීමට පියවර ගන්නා බවයි.
මේ අතර 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි මාධ්‍ය ප්‍රශ්න පත්‍ර ඇගැයීමේ කටයුතුවලට ද බාධා මතුව ඇත්තේ, කොරෝනා වසංගතය හේතුවෙනි.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බවයි.
ඒ, පළාත් අධ්යක්ෂවරුන්, සෞන්දර්ය අධ්යක්ෂවරුන්, විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.
popular news
-
Vinujana jayabahu Tuesday, 15 June 2021 11:27 PM
don,t postponed Because of childran are in detention now.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

