උපත් මරණ හා විවාහ සහතික නිකුත් කිරිම මාර්ගගත ක්‍රමයට
මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා උපත්, මරණ හා විවාහ සහතික නිකුත් කිරීම මාර්ගගත ක්‍රමයට ආරම්භ කළ බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම ‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු ක්‍රමය යථාර්තයක් බවට පත් කරමින් සියලු පුරවැසියන් සඳහා උප්පැන්න, මරණ සහ විවාහ සහතික ලබාගැනීම සඳහා වඩා වේගවත්, කාර්යක්ෂම සහ පහසු ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.
උප්පැන්න, මරණ හා විවාහ සහතික ලබාදීම සඳහා වන මාර්ගගත සේවාව පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (10) දින ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් ලෙක්ම්වරයා මේ බව සඳහන් කළේය.
තවද, ශ්‍රී ලංකාවාසී ජනතාවට මාර්ගගත ක්‍රමය හරහා ඉතා ඉක්මනින් ඔවුන්ගේ ඔප්පු පිටපත් සහ පත්තිරු වල පිටපත් ලබාගැනීමට හැකි වන අතර, මෙම නව මාර්ගගත ක්‍රමය හදුන්වා දුන් බව ද ලේකම්වරයා පැවසීය.
පසුගිය අගෝස්තු මස 02 වන දින සිට ක්‍රියාත්මක වන මෙම මාර්ගගත ක්‍රමය සඳහා පළමු දින දෙක තුළ අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබේ.
මෙම අවස්ථාවට ඒක් වූ රෙජිස්ට්‍රාර් ජෙනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා පැවසුවේ ඔප්පු සහ පත්ඉරු පිටපත්ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබා දීමේ වැඩපිළිවෙලක් නොබෝ දිනකින් ක්‍රියාවට නංවන බවයි. 1960 වර්ෂයෙන් පසු ලියාපදිංචි කරන ලද උප්පැන්න, විවාහ හා මරණ සහතික මෙම දෙපාර්තමේන්තුව විසින් සකසන ලද මධ්‍යගත පද්ධතියක් මගින් සරල ක්‍රමවේදයක් ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතියි. 1960 වර්ෂයේ සිට 2018 දක්වා ලියාපදිංචි කරන ලද උප්පැන්න, මරණ හා විවාහ සහතික මිලියන 36 ක් පරිලෝකනය කර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත පද්ධතිය තුළ ඇති බැවින් ශ්‍රී ලාංකිකයින්ට මෙම සේවාව ලබාගැනීම සඳහා පහසුකම් සළසා ඇත.
මෙම පහසුකම මඟින් ජනතාවට උප්පැන්න, මරණ සහ විවාහ සහතික, ශීඝ්‍රගාමී තැපෑල මගින් හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියව ලැබෙන බව මෙහිදී අවධාරණය කරන ලදි.
ඔන්ලයින් ක්‍රමවේදයක් හරහා මේ සඳහා මුදල් ගෙවිය යුතු අතර ඒක් පිටපත්ක් ලබා ගැනීම සඳහා අයකරන ගාස්තුව කොළඹ නගරසීමාව තුළ රුපියල් 210 ක් සහ කොළඹින් පිට රුපියල් 215කි. ඒ අනුව https://online.ebmd.rgd.gov.lk යන වෙබ් යෙදුම භාවිතා කර ලබාදී ඇති උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් මෙම සේවාව ලබාගත හැකිය.
මේ පිළිබඳ වැඩි විස්තර www.rgd.gov.lk වෙබ් අඩවියෙන් හෝ 011 288 9518 යන දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
popular news
-
ranjith Wednesday, 11 August 2021 02:45 PM
uppenna sahathika walata wada marana sahathika nikuth karanna wei wage
Reply : 0 0
Warnakulasuriya ranwalage sadeera chathuranga fernando Tuesday, 16 November 2021 10:04 AM
Uppennayak genimata
Reply : 0 0
Madushkarunarathna25 Tuesday, 17 October 2023 11:49 AM
Marana sahathika laba geneema
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

