උදයංගගේ පැමිණීමත් කල් යයි
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී ආරක්ෂක අංශ යොදාගනිමින් අත්අඩංගුවට ගෙන ආණ්ඩුවට වාසිවන ආකාරයේ චිත්‍රයක් රටට පෙන්වීමේ සූදානමක් පවතින බව යහපාලන වින්දිතයෝ සංවිධානය පවසයි.
මේ සතිය ඇතුළත උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වාගැනීමට කලින් සැලසුම් කර තිබුණු බවත්, කටුනායක ගුවන් තොටුපොළෙහි ආරක්ෂක නිලධාරීන් රඳවා තිබීම නිසා ඔහුගේ ලංකා ගමන පමාකිරීමට සිදුවූ බවත් එම සංවිධානය ප්‍රකාශ කරයි.
හිටපු තානාපතිවරයා මෙරටට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම වළක්වාගැනීම සඳහා අධිකරණ කටයුතුවලට පිවිසෙන බවත්,එම නීතිමය කටයුතු අවසන් වූ පසු ඉදිරි සති තුන ඇතුළත වීරතුංග මහතා මෙරටට පැමිණීමට නියමිත බවත් යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයට හෙට(29දා) දිනයේදී මෝසමක්ඉදිරිපත් කර වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවද එම සංවිධානය පවසයි.

අත්අඩංගුවට ගැනීම වළක්වමින් මෙරට අධිකරණයෙන් නියෝගයක් ලබාගත් පසු උදයංග වීරතුංග මහතා දැනට ජීවත්වන රටෙහි අධිකරණයට ඒ බව දැන්විය යුතු බවත්,එම අධිකරණය විසින් වීරතුංග මහතාට අවසර ලබාදුන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් යහපාලන වින්දිතයෝ සංවිධානයේ ප්රකාශකයෙක්සඳහන් කළේය.
-
Ruwan Thursday, 28 June 2018 08:18 AM
ඕක තමයි ලොක්කා අපි කිව්වේ ඔය කතාව නිකන්ම නිකන් මහින්දගේ තවත් එක ගැලරි ටෝක් එකක් කියලා. එල්ලෙන්න වැල් නැතුව ඉන්නකොට මිනිස්සුන්ට ඔහොම වෙනවා. අරමුණකින් යුතුව දැන්වත් කතා කරන්න පුරුදු වෙන්න. හොරු අල්ලන්න තමයි අපි මේ රජය පත් කලේ. එහෙම නැතුව අපේ මුදල් කාපු එවුන්ට නිදහසේ ඉන්න දෙන්න නෙමෙයි.
Reply : 0 2
silva Thursday, 28 June 2018 11:18 AM
අදිකරණ වරෙන්තු ඇති සැකකරුවන්ට රැකවරණය දීමත් ඔවුන් ගැන තොරතුරු වසන් කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් ... FCID ය වහාම මේ ව්න්දිතයෝ සංවිදානයේ අයව අදිකරණයට ඉදිරිපත් කල යුතුයි ඔවුන් පිලිගන්නවා ඔවුන් උදයංග ඉන්න තෙන දන්නාබව... හිටපු ජනපතිත් කිව්වා එය ගෙන්නන බව ඒ කියන්නේ මහින්දත් දන්නවා උදයංග ඉන්න තැන...
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

