ගාලු මුවදොර පිටියේ හෙට පැවැත්වෙන උත්සවයක් හේතුවෙන් පෙ.ව. 8.00 සිට රාත්රී 8.00ද දක්වා එහි වාහන ගමනය සම්පූර්ණයෙන් සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව කොළඹින් පිටවන වාහන සෙරමික් හංදිය, ශ්රීමත් චිත්තප්පලම් ඒ ගාඩ්නර් මාවත, කුමාරන් රත්නම් පාර, ජස්ටික් අක්බාර් මාවත ඔස්සේ ගාලු මුවදොර වටරවුම දෙසට හෝ ජේමිස් පීරිස් මාවත ඔස්සේ පිත්තල හංදිය, පුස්තකාල, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම අසළින් ආර්. ඒ ද මෙල් මාවතට හෝ ශාන්ත මයිකල් මාවතට ගමන් කිරීමෙන් ගාලු පාරට ගමන් කළ හැක.
කොළඹට ඇතුළුවන වාහන කොල්ලුපිටිය හංදියෙන් හා ගාලු මුවදොර වටරවුම අසලින් කොම්පඤ්ඤවීදිය ඔස්සේ පිවිසිය හැක.