නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දිය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (16) දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.
උතුරු නාවික විධානයට අනියුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් කෝවිලම් ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදි මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර යාත්‍රාව මගින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. .
එම ධීවරයින් වයස අවුරුදු 31 ත් 34 ත් අතර වියෙහි පසුවන අතර, ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්ෂක වෙත භාරදෙන ලදී.
තවද, ශ්‍රී ලංකාවට අයත් මත්ස්‍ය සම්පත සුරක්ෂිත කිරීම උදෙසා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විමට හැකියාව ලැබි ඇති අතර, මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.
