උඩුනුවර සමූපාකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂක මණ්ඩලය තෝරාපත්කර ගැනීම සඳහා වු ඡන්දයේදී පොදු විපක්ෂ නියෝජනය කළ කණ්ඩායම ඡන්ද 09-00 ක් වශයෙන් ජයග්රහණය කොට තිබේ.
මෙම ඡන්දය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයක සිට මහත් ආන්දෝලනාත්මක ප්රවෘත්ති මැවු අතර එය වත්මන් ආණ්ඩු බලය හිමි කණ්ඩායම් සහ විපක්ෂ කණ්ඩායම් අතර විවිධ මතභේදාත්මක ගැටලු මතුව තිබියදී ජනාධිපතිවරයා මහනුවර සංචාරයක නිරතව ගොස් පසුදින පැවති මෙම ඡන්දයේදී පොදු විපක්ෂය මේ ආකාරයට ජයග්රහණයක් ලබා ගැනීම දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක සිදුවීමක් බව බොහෝ දෙනකුගේ අදහසයි.