උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින්න - ප්‍රසන්න
උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි.
ඔහු පෙන්වා දෙන්නේ අනාගත අභියෝග හා අවධානම ගැන සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම මේ මොහොතේ ජනතාව සතු යුතුකම හා වගකීම බවයි. පොහොට්ටුවට ලංවී සිටින උකුස්සන් හා කටුස්සන් විශ්වාස කළ නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.
මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධාන රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා ඊයේ (14) මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" මේ වෙනකොට අපි පොහොට්ටුවෙන් නාමයෝජනා අත්සන් කර අවසන් වෙමින් තිබෙනවා. ලබන බදාදා බ්‍රහස්පතින්දා අපි සෑම දිස්ත්‍රික්කයකටම නාමයෝජනා භාර දෙන්න ලෑස්තියි. අපි ඡන්දය ඉල්ලන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ළකුණින් සමහර අයට ඕන වුණා වෙන වෙන නම් වලින් වෙන වෙන ළකුණු වලින් ඡන්දය ඉල්ලන්න. නමුත් මහින්ද මහත්තයාගේ කණ්ඩායම විදිහට අපි ඒකට එකඟ වුණේ නෑ. මොකද පොහොට්ටුව තමයි අපේ ජයග්රාහි ළකුණ. ජයග්‍රාහී පක්ෂය පොදුජන පෙරමුණ. ඒ ඔක්කොටම වඩා පොහොට්ටුව තමයි මහින්ද මහත්තයාගේ ළකුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මහින්ද මහත්තයාගේ පක්ෂය.
පොහොට්ටු පක්ෂය පිහිටෙව්වොත් අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවන බව කියපු අයත් අද අපේ පස්සේ එනවා. පොහොට්ටුවට එකතු වන මේ උකුස්සන් හා කටුස්සන් අපිට ශතපහකටවත් විශ්වාස නෑ. මේ අයගේ එක්වීම නිසා අපිට අනාගත අභියෝග මා අවධානම් තියෙනවා. මේ අභියෝග හා අවධානම් සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒක මේ මොහොතේ ජනතාව සතු යුතුකමක් හා වගකීමක්. අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහින් අපේ ප්‍රතිපත්ති, මහින්ද මහත්තයාව පාවා දීලා තනතුරු වරදාන වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කරන අය කවුදැ‘යි අප දන්නවා. ඒ අය ගැන ජනතාව වගකීමෙන් තීන්දුවක් ගත යුතුයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුවට එකතු කර ගැනීම පිළිබඳ ජනතාව තුළ ඇත්තේ යහපත් හැඟිමක් නොවේ. නමුත් අපිට අස්වැද්දුම වැඩි කරන්න පඹයොත් කුඹුරේ හිටවන්න වෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වුණේ.
සජිත් ප්‍රේමදාස මහතා අද කොරෝනා වෛරසය නිසා රට තුළ ඇති වී තිබෙන තත්ත්වයෙන් දේශපාලන වාසි ගන්න හදනවා. ඔහු කියනවා ආණ්ඩුව යුතුකම් පැහැර හරිනවලු. එතකොට පාස්කු ප්‍රහාරය වෙලාවේ එවකට ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වු සජිත් ප්‍රේමදාස නිහඩව සිටියේ යුතුකම් ඉටු කිරීමට ද? මහබැංකු හොරකම වෙලාවේ සජිත් හිටියේ නිදාගෙන ද ? ඒ වේලවේ ඔහු නිශ්ශබ්දව හිටියේ යුතුකම ඉටු කිරීමට ද? කොරෝනා වෛරසය පැතිර යාම මුළු ලෝකයම මුහුණ දෙන තත්ත්වයක්. අපි රජයක් විදිහට ඒ තත්ත්වය පාලනය කිරීම සදහා ගත හැකි සියලු පියවර ගනිමින් තිබෙනවා. මේ වෙලාවේ විපක්ෂය කොරෝනා හරහා දේශපාලන වාසි ගැනීමට දරණ නිර්ලජ්ජිත උත්සාහය අපි දැඩි ලෙස හෙළා දකිනවා. එමඟින් තහවුරු වන්නේ සජිත්ලාගේ දේශපාලන කුහකකම මිසක් අන් කිසිවක් නොවේ" .

popular news
-
Dayana Sunday, 15 March 2020 12:19 PM
මහින්ද රාජපක්ස ආරක්ෂා කරන්නන් නොව ජනතාව රකින්නන් පාර්ලිමේන්තුවට යවන්න චන්දෙ දිය යුතුය.
Reply : 0 4
ranjith Sunday, 15 March 2020 12:25 PM
උකුස්සන කටුස්සන 2015 දී සිරි ලංකා නිදහස් පක්ෂය එජාපෙ ට පවා දුන්න මතක එත්නම් එම කණ්ඩායමට චන්දෙ දෙන්න එපා එයාල දිනලා නෙවත් උකුසු වේදකින් එජාපෙට බලේ අරණ දෙන්න බේරී කමක් නෙත
Reply : 0 0
Nandana Sunday, 15 March 2020 07:20 PM
Jarawa kana bada mahatha uranta chandaya dennath epa .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

