ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ
මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සලකාබැලීමේ දී මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ඊයේ (04) දිනයේ මාතර දිස්ත්‍රික්කයෙන් දෛනික ආසාදිතයින් 250 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් දෛනික ආසාදිතයින් 200 දෙනෙකු වාර්තා විය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,005ක් වන අතර මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,484කි.
මේ අතර ඊයේ දිනයේදී කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලින් 400කට ආසන්න දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.
ගම්පහ 393ක්, කොළඹ 388ක් සහ කළුතර 382ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
මොනරාගල 116ක්, අම්පාර 98ක්, රත්නපුර 96ක්, මඩකලපුව 91ක්, නුවරඑළිය 83ක්, බදුල්ල 73ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 72ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.
මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට පුද්ගලයින් ලක්ෂ 10කට වැඩි පිරිසකට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 8 ලක්ෂ 7,539කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

