ඉෂාලිනීගේ සිරුර 30දා ගොඩගනියි
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේදී පිළිස්සීමට ලක්ව කොළඹ ජාතික රෝහලේදී මිලිගිය 16 හැවැරදි දැරියගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයට විශේශඥ කණ්ඩායමක් නම්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය සමීර ගුණවර්ධන මහතා, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂෙඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා යන අය මෙම විශේශඥ කමිටුවට නම්කර තිබේ.
මෙම මණ්ඩලය ලබන සිකුරාදා (ජුලි 30 දා) දැරියගේ භූමිදානය කටයුතු සිදුකළ ඩයගම ප්ෙ දේශයට ගොස් සිරුර ගොඩ ගැනීමට නියමිතව තිබේ.
ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා යටතේ මෙම ගොඩ ගැනීම සිදුකරන අතර විශේෂඥයින් රැසක් එම අවස්ථාවට එක්වීමට නියමිතය.
මෙහිදී දැරිය මියගිය ආකාරය, දැරිය දූෂණයට ලක්ව ඇත්නම් එම කාලසීමාව, කෘරත්වයට පත්කර ඇත්දැයි යන්න පිළිබඳව වාර්තා ලබාගැනීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
popular news
-
Deepal Nirosh Wednesday, 28 July 2021 08:10 PM
30 වෙනිදා නැකත උදාවනතුරු මළ සිරුර වලේ තියේවි නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

