ඉෂාලිනිගේ පශ්චාත් මරණ පරික්ෂණය හෙට
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේදි මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ඉදිරියේදි අද (30)පෙරවරුවේ යළි ගොඩගත්තේය.
මුද්‍රා තබා තිබු ඉෂාලිනිගේ දේහය විවෘත කර පවුලේ සාමාජිකයින්ට දේහය හඳුනා ගැනීමට මෙහිදි අවස්ථාව ලබා දුන්නේය.
අනතුරුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගිය දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (31) දිනයේදි සිදු කිරීමට නියමිතය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව ඉකුත් 3 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
දින ගණනාවක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ජුලි මස 15 වැනිදා මියගියේය.
දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් වුයේ, ඇයට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති අතර පිළිස්සුම් තුවාල විෂබීජ ආසාධනයක් හේතුවෙන් ඇති වු කම්පනයකින් මරණය සිදුව ඇති බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

