ඉල්ලීම්වලට අනුව කටයුතු කරන පුද්ගලයන් අඩුයි - මැකො
ජනාධිපතිවරණයට අදාළව සියලුම පෝස්ටර්, බැනර් ඉවත් කරගන්නා ලෙසට ඇප මුදල් තැන්පත් කර තිබෙන අපේක්ෂකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබේ.
එසේ නොමැති වුවහොත් අද (07දා) සිට අදාළ කටයුතුවලට එරෙහිව නීති මගින් කටයුතු කළ හැකි බවත්, පොලීසිය අදාළ නීතිය ක්රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
පෝස්ටර් අලවන හා බැනර් සවිකරන පුද්ගලයන්ට එරෙහිව අද සිට නීතිය තදින්ම ක්රියාත්මක කරන බවත්, අපේ රටේ ඉල්ලීම්වලට අනුව කටයුතු කරන පිරිස් අඩු අතර, එහෙත් නීතිය ක්රියාත්මක කිරීමට පෙර පෝස්ටර් කටවුට් ස්වේච්ඡාවෙන් ඉවත් කරගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව 0112868212 / 0112868560/ 0112868217 යන දුරකථන අංකවලට හෝ 0112868529 ෆැක්ස් අංකයට ලබාදිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව වයිබර් සහ වට්ස්ඇප් මගින් 0719160000 අංකවලටද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

