ඉන්ධන මිල වැඩිවිම හමුවේ එලවළු කිලෝවක මිල පවතින මිලට වඩා රු 10 කින් පමණ ඉහල යන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
(21) දින නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍යට අදහස් දක්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරිම හමුවේ එලවළු වගා ගොවිපලේ සිට එලවළු ප්‍රවාහනය දක්වා බලපැමක් ඇති කරන බවයි.
එලවළු මිල මෙසේ ඉහල ගොස් තිබෙන අවස්තාවක සහ පාරිභෝගිකයන් ආර්ථික වශයෙන් දැඩි පිඩාවකට පත් වි සිටින අවස්තාවක මෙසේ ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බවත් ඔහු සඳහන් කරයි.
මින් පෙර වසර වල නත්තල් සමයේදී නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිනකට එලවළු කිලෝ ලක්ෂ 4 ක් පමණ වෙලදපොලට නිකුත් කරන බවත්, මේ වන විට එය කිලෝ හතලිස්දහස දක්වා පහත වැටි ඇති බවත්, (21) දින උඩරට සැම එලවළු කිලෝවක්ම රු 400 ඉහල මිලකට ගොවියාගෙන් තොග වශයෙන් මිල ගැනීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කරයි.
නුවරඑලියේ එලවළු ගොවින් මහ කන්නයේ එලවළු වගා කිරිමට සුදානම්ව සිටියද ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් රසායනික පොහොර , දිලිර නාශක , කෘමිනාශක සහනදායි මිලට ලබාදෙන බවට ප්‍රකාශයක් කර නොමැති නිසා ගොවින් දෙගිඩියාවෙන් සිටින බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසීය මහතා පැවසිය.