ඉන්දු – ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති’ හමුදා අභ්‍යාසය හෙට (4) අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව ඇත.
ලබන 17 වැනිදා දක්වා එම අභ්‍යාසය පැවැත්වෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියි.
ඒ සඳහා සහභාගි වීමට මෙරට පැමිණ ඇති ඉන්දීය හමුදා සමාජිකයින් ගණන 120 ක් වන අතර ඊට සමාන භට පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හමුදා අභ්‍යාසයට සහභාගිවනු ඇත.
යුද අභ්‍යාසය සඳහා සහභාගී වන ඉන්දියානු යුද හමුදාවේ නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයින් 102 දෙනෙක් ඊයේ (ඔක්තෝම්බර් 02 ) දින දහවල් ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.