ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා නිල සංචාරය සඳහා දිවයිනට පැමිණි ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණ ඇත.
ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවනු ඇති.
හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා හෙට (03) මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමට නියමිත අතර ත්‍රිකුණාමලයේ හා යාපනයේ ද සංචාරය කිරීමට නියමිත ය.