සිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැදපුදා ගත්තේය.
ඉන්දීය විදේශ ලේකම්වරයා මහනුවර සංචාරයෙන් අනතුරුව ත්‍රිකුණාමලයේ හා යාපනයේ ද සංචාරය කරනු ඇත.
හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට ද නියමිතයි.
