ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවත් ගමන් ගත් හෙලිකොප්ටරයක් තමිල්නාඩුවේදී කඩා වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සිවුදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර දිවි බේරාගත් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී හෙලිකොප්ටරයේ 14ක් ගමන් කර තිබේ. ඒ අතර කාර්ය මණ්ඩලයේ 5ක් හා බපින් රාවත්ගේ පවුලේ උදවියද ඇතුළුව තවත් 9ක් සිට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.