මන්නාරම ඕලුතුඩුවායි ප්රදේශයේ නීතිවිරෝධීව ඉතා සූක්ෂමව සඟවා තිබූ කහ කිලෝ 57යි ග්රෑම් 200ක ප්රමාණයක් ඊයේ (15) දින හමු වූ බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම ඕලුතුඩුවායි මුහුදු තීරයේදී සිදු කරන ලද සෝදිසි මුර සංචාරයකදී අදාල කහ තොගය කැලෑබද ප්රදේශයකදී ගොනි දෙකක් තුල සඟවා තිබීයදී හමු වී ඇත.
අදාල කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් රැගෙන විත් මන්නාරමේ සිට දකුණු ප්රදේශයට ඇතුලු ප්රදේශයන් රැසකට අලෙවි කිරීමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කරන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
මෙලෙස සඟවා තිබූ කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
