ඉදිරි පෙළ සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන්ට ලබන මස සිට බුස්ටර් මාත්‍රාව
- 22 10 2021
- 13:33
- {{hitsCtrl.values.hits}} views
- ..
නොවැම්බර් 1දා සිට කොවිඩ් -19 වැළැක්වීමේ යෙදී සිටින පෙරටුගාමී සේවකයින්ට ෆයිසර් එන්නත ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද පැවති කොවිඩ් -19 ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමේදී මෙම තීරණ ගත් බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.
ඒ අනුව, කොවිඩ් -19 පැතිරීමට එරෙහිව සටන් කරන සෞඛ්‍ය, හමුදා, පොලිස්, සංචාරක ව්‍යාපාර සහ අනෙකුත් අංශවල පෙරටුගාමී සේවකයින් සඳහා බූස්ට් මාත්‍රාව ලබා දෙන බව යුධ හමුදාපතිවරයා පැවසීය.
ඔක්තෝබර් 31 වනදා අලුයම 4 ට පළාත් අතර සංචාරණ සීමා ඉවත් කරන බවද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
