ඉතාලියේ නාපෝලි නගරයේ නිවසකදි ලාංකික කතක් හදිසියේ මියයයි
ඉතාලියේ නාපෝලි නගරයේ සනිතා ප්රදේශයේ නිවසක මියගොස් සිටි ශ්රී ලංකික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (24) සොයාගත් බව නාපෝලි කැරිබිනේරි පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ කාලයක සිට ඉතාලියේ රැකියාව කරමින් ජිවත් වු ශ්රී ලංකාවේ පැලියගොඩ ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවකි.
මියගිය කාන්තාව පදිංචිව සිටි සනිතා ප්රදේශවාසින් කල දැනුම්දීමක් මත එම ස්ථානයට පැමිණි කැරිබිනේරි පොලිස් නිලධාරින් විසින් මළ සිරුර සොයාගෙන තිබේ.
මෙම කාන්තාව මියගිය ආකාරය සොයා ගැනිමට පශ්චාත් මරණ පරික්ෂණයක් හා PCR පරික්ෂණයක් සඳහා මළ සිරුර නාපෝලි සන් පාවොලෝ මෘත ශරිරාගාරයට ගෙන ගිය බව නාපොලි කැරිබිනේරි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
දෙවන කොවිඩ් රැල්ලත් සමග ඉතාලියේ නාපෝලි නගරයේ ජිවත්වන ලාංකිකයන් රැසක් කොවිඩ් ආසාදිත වි ඇති බවට තහවුරු වි ඇති හෙයින් මෙම කාන්තාවගේ මරණය කොවිඩ් ආසාදිතවීමක් උස්සන්න වීමෙන් සිදුවුවක්ද යන්න සොයා බැලිමට පරික්ෂණ සිදු කරමින් තිබෙන බව නාපෝලි කැරිබිනේරි පොලිසිය පැවසීය.
චන්දන ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

