ඉතාලියට ඇතුළුවීමට තිබූ තහනම දිගු කරයි
දකුණු ආසියානු කලාපයේ පවතින කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුළු ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම තවත් සති 4 න් එනම් එළඹෙන අගෝස්තු 30 දක්වා දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමත්‍යංශය පැවසීය.
මෙම ගුවන් මගි තහනම ඊයේ (31දා) දිනයෙන් අවසන්වීමට තිබු නමුත් ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලදේශය යන රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේශඥ උපදෙස් මත ගුවන් තහනම දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.
මෙම තහනම ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලාදේශය යන රටවල සිට ඉතාලියට පැමිණෙන ඉතාලි පුරවැසිභාවන්ට හා පුරවැසිභාවය ලබා සිටින විදේශිකයන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුලු වි දින 10 ක අනිවාර්ය නිරෝධායන කාලයක් සඳහා ඉතාලි රජය විසින් නොමිලේ පහසුකම් සලසා ඇති නිරෝධායන හෝටල් සඳහා යොමු කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
