ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවෙන් එන අය හෙට සිට මඩකලපුවට
කොවිඩ් 19 රෝග තත්වය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නීරෝධායනය කිරීම හෙට (10දා) අලුයම 4.00 සිට ආරම්භ කිරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන පළමු ගුවන් යානය ලෙස, අලුයම 4.00 ට දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපළේ සිට පැමිණෙන, කොරියානු ගුවන් සේවයේ කේ.ඊ.- 473 දරණ ගුවන් යානයෙන් පැමිණෙන ගුවන් මගීන් පිරිස මෙම නීරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට නියමිතය.
මෙම පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇති විශේෂ බස් රථ මගින් මඩකලපුව " බැටිකලෝ කැම්පස්" වෙත රැගෙන යෑමට අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කර ඇති බවද කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.
එහිදී ඔවුන් දින 15 ක අධීක්ෂණ කාලයක් නීරෝධායනය කිරීමෙන් පසුව ,ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
