ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහා පවසයි.
එක්සත් ජතීන්ගේ සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ජනපතිවරයා මෙහිදී පැවැසීය.
ඇෆ්ගනිස්ථානය මේ වන විට තලේබාන් සංවිධානය යටතේ පාලනය වන අතර එරට තුළ බෞද්ධ උරුමයන් රාශියක් පවතී. තලේබාන් සංවිධානය මීට පෙරදී බාමියන් බුදු පිළිමය විනාශ කිරීමට කටයුතු කළ සංවිධානයයි.
