ඇෆ්ගන් ජනපති රටින් පැන යයි තලේබාන් කාබුල් නුවරට ඇතුළුවෙයි
කාබුල්, අගෝස්තු 15 (ෂින්හුවා) - ඇෆ්ගනිස්ථාන ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි රට හැර ගිය බව ඇෆ්ගන් ජාතික සංහිඳියා කවුන්සිලයේ ප්රධානී අබ්දුල්ලාහ් අබ්දුල්ලා ඉරිදා සවස පැවසීය.
ඇෆ්ගන් ජනාධිපතිවරයා ජාතිය හැර ගොස් ඇති බව ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා සංවිධානය කළ අබ්දුල්ලා සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවකින් පැවසීය.
කාබුල් අගනුවර නීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස ඔහු ඇෆ්ගන් ආරක්ෂක හමුදාවලින් ඉල්ලා සිටි අතර නගරය තුළ සිටින පුද්ගලයින්ට සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටියේය.
ඝානි ඇෆ්ගනිස්තානයෙන් පිටව ගොස් ඇති බවට මූලාශ්ර දෙකක් උපුටා දක්වමින් ප්රාදේශීය රූපවාහිනී නාලිකාවක් වන ටොලෝ නිවුස් ටීවී ද ඉරිදා සවස වාර්තා කළේය. අනෙකුත් වාර්තා පැවසුවේ ඝානි තජිකිස්ථානය බලා යන බවයි.
එසේම කාබුල් නුවර ආසන්නයටම පැමිණි තලේබාන් සංවිධානය කාබුල් නුවරට ඇතුළුවීමට එම සංවිධානය විසින් සිය සාමාජිකයන්ට නියෝග කර තිබේ.
තලේබාන් ප්රකාශක සබීහුල්ලා මුජාහිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ කාබුල් පොලිසිය දිස්ත්රික් පොලිස් ස්ථාන අතහැර දමා ඇති හෙයින් රටවැසියන්ගේ ආරක්ෂාව සහ නීතිය හා සාමය තහවුරු කිරීම සඳහා තලේබාන් සංවිධානය නගරයට ඇතුළු වන බවයි.
්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

