තමන්ගේ අතිකාල දීමනා ලබා දෙන ලෙස ඉල්ලා ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩලය අද (23) ලෙඩ නිවාඩු දමා සම්පූර්ණයෙන්ම සේවයෙන් බැහැරව සිටීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සේවක සේවිකාවන් දෙසිය පස් දෙනෙකු මෙසේ සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දමා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
අප්‍රේල් හා මැයි මාසවල තමන්ට ලැබිය යුතු අතිකාල දීමනා ලබාදෙන ලෙස ඉල්ලා මෙම සේවකයෝ ඉකුත් ජුනි 15 හා 16 යන දින දෙකේම රෝහල ඉදිරිපිට විරෝධතා දැක්වූ අතර ඉන්පසු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා හමුවී මීට විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට ඔවුන් උත්සාහ දරා ඇතත් ඊට තමන්ට අවස්ථාව ලබා නොදුන් නිසා මෙම පියවර ගත් බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ නිලධාරියකු පැවසීය.
චන්ද්‍රසිරි ගුණසේකර
