ඇල්පිටිය ප්‍රදේශිය සභාව සඳහා තෙරිපත් වු සභිකයින්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ගැසට් කිරිම සඳහා යොමුකරන බව ගාල්ල දිස්ත්‍රික් තෙරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
අමතර ලැයිස්තුවෙන් සභිකයින් තොරාගන්නා ආකාරය පිළිබඳ මැතිවරණ කොමිසම් සභාවේ අනුමැතිය ලැබිමෙන් පසු කාන්තා නියෝජනය ද ඇතුළත්ව අමතර ලැයිස්තුවෙන් සභිකයින් නම්කොට එවන ලෙස දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට දැනුම් දෙන බවද දිස්ත්‍රික් තෙරිම්භාර නිලධාරිවරයා සඳහන් කළේය.
එම නම්ද ලැබුණු විගස කොට්ඨාස 17න් තෙරිපත් වූ සභිකයින්ගේ නාම ලේඛනයද සමග ගැසට් පත්‍රය මුද්‍රණය කිරිම සඳහා යොමුකරණ බවද හෙතෙම පවසයි.
ප්‍රදේශිය සභාවට තේරිපත් වු සභික ලේඛන ගැසට් කිරිමෙන් පසු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ප්‍රාදෙශීය සභාවේ මංගල සභාවාරය පැවැත්වෙන දිනය දැනුම් දෙන බවද දිස්ත්‍රික් තෙරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
