ඇල්පිටිය මැතිවරණය සාමකාමී හා නිදහස් අයුරින් පැවැත්වුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඇල්පිටිය මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
කෙසේ වෙතත් මැතිවරණ නීති උල්ලංගණය කරමින් ඡන්ද දායකයන් වාහනයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් පසුව වාහනය හා සැකකරු පොලිස් ඇප මත මුදා හළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඇල්පිටිය මැතිවරණයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවත් එයට පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඡන්ද විමසීම අවසන් වුවත් දින දෙකක් යන තෙක් පොලිස් ජංගම මුර සංචාර හා මාර්ග බාධක යෙදවීම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
මැතිවරණ ප්රචාරක කටයුතුද සාමකාමීව පැවැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.