ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය
ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ගත් තීරණය ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද දැක්වෙයි
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝනය කරන ලද පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇති බව නිවේදනය කර ඇති අතර ඒ හේතුවෙන් ඒ මහතා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුල් වීමට නුසුදුසු පුද්ගලයන් බවට පත්වී ඇති බව පෙන්වා දී ඇත.
ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව එක්සත් ජනපද රජය විසින් ලුතිනන් ජෙනරාල් සිල්වා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ට සංචාරක සීමා පැනවීම පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරයි.
ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් එවකට රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කළ බවත් ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කිසිදු සනාථ කළ හෝ ඔප්පු කළ චෝදනාවක් නොමැති බවත් රජය නැවත අවධාරණය කරයි.
වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස උසස් කරනු ලැබුවේ ඔහු දීර්ඝ කාලයක සිට සේවය කරන ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වීම හේතුවෙනි.
ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6ක කාලයක් ගතව තිබියදී එම තනතුරට පත් කිරීම හේතුවෙන් මෙම සංචාරක තහනම පැනවීම සිදු කර ඇති අතර, විශේෂඥතාවයකින් යුත් පුද්ගලයන් ජාතික ආරක්ෂාවට අදාල තනතුරු දැරීම පදනම් කරගෙන, විදේශීය රජ්‍යයක් ප්‍රජාතාන්ත්‍රවාදීව පත්වූ ජනාධිපතිවරයකුගේ පරමාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්න කිරීම කණගාටුවට කරුණකි.
තොරතුරු මූලාශ්රවල සත්‍යතාව තහවුරු කර එම තීරණය සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටී.
popular news
-
samson de silva Sunday, 16 February 2020 09:21 AM
ආරංචි අන්දමට ට්‍රුම්ප් හොඳටම භයවෙලා. අර තිස්තුන් කෝටියෙන් කිහිප දෙනෙක් ඇවිත් ඇමෙරිකාවට වැඩක් දෙයිද කියලා භයවෙලා.
Reply : 0 0
චන්ද්‍රරත්න Sunday, 16 February 2020 02:21 PM
මේ වනවිට ප්රභාකරන් ජීවත්ව සිටියේ නම් ඔහුට මෙවැනි තහනමක් නොදෙනු ඇති බව බොහෝ දෙනෙක් හිතනවා. අද ගෝලීය ත්‍රස්තවාදය යනු කුමක් ද යන්න නිර්වචනය කිරීම ඉතාමත් පරිස්සමින් කල යුතුව ඇත,
Reply : 0 0
Deepal Nirosh Monday, 17 February 2020 10:27 AM
අමෙරිකාවට ශවේන්ද්‍ර සිල්වා ඒපා කියල, අනෙක් අතට ශවේන්ද්‍ර සිල්වාටත් අමෙරිකාවට යන්න අවශ්‍යතාවයක් නැතිලු. අමෙරිකාවට යන්න බැරි කෙනෙක් ලංකා රජයේ මාණ්ඩලික තනතුරකට නුසුදුසුයි කියල ආයතන සංග්‍රහයෙත් නැහැ. ඉතින් අමෙරිකාවටත් ශවේන්ද්‍ර සිල්වාටත් නැති අමාරුව මේ කාට ද තියෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

