ඇමෙරිකානු ජිනීවා යෝජනාව ලංකාවට එරෙහි නෑ - තානාපති මිචෙල්
ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ 25 වැනි සැසිවාරය සඳහා ඇමෙරිකාව ඉදිරිපත් කරන ලද යෝජනාව ශ්‍රී ලංකාවට විරුද්ධව සිදුකළ එකක් බවට පළවන මතය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, එය මෙරට පවතින්නා වූ ප්රජාතන්ත්රවාදය හා සශ්‍රීකත්වය ගොඩනංවන යෝජනාවක් පමණක් බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති මිචෙල් ජේ. සීසන් මහත්මිය කියා සිටියාය.
ඇය මේ බව සඳහන් කළේ අද (28දා) ඇමෙරිකානු තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී කතා කළ ඇය,
“ජිනීවා මානව හිමිකම් කොමිසම සඳහා ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි වූවක් නොවේ. එය මෙතෙක් ලංකාව පවත්වාගෙන ආ ප්රජාතන්ත්රවාදය හා සශ්‍රීකත්වය වැඩිදියුණු කිරීමට උපයෝගී වන්නක්.
අපි මෙහිදී මානව හිමිකම් මහ කොමසාරිස් වෙත ශ්‍රී ලංකාවේ යුද සමයේදී සිදු වූ හිංසා සහ දූෂණ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා රජය සේම ඊට සම්බන්ධ සෙසු පාර්ශ්ව ගැනත් අවධානය යොමුකරනවා. මොකද යුක්තිය හා වගවීම වෙනුවෙන් තවත් බලා සිටිය නොහැකියි” යනුවෙන් පවසා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

