ඇමති ජොන්ස්ටන්ගේ අල්ලස් නඩුවක් සැප්.11 කැදවිමට නියෝග
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගන්නා දිනය නියම කිරිම සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කැඳවනු ලැබීය.
නඩුව සැප්තැම්බර් මස 11 වනදා යළි කැඳවන ලෙසත් එදින නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන දිනය නියම කරන බවත් මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනෙක් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා මත මෙම නඩුව ගොනු කර තිබුණි.

popular news
-
Demuni Uduwara Friday, 21 August 2020 05:57 PM
Belief in judicature still remains.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

