ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ පසුගිය මාර්තු 20 වනදා සිට අද දක්වා කාලසීමාව තුළ එය කඩ කළ පුද්ගලයින් 23,519 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 6,072ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අද පෙරවරු හයෙන් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,535ක් වන අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 385 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.
