හෙට (24) සහ අනිද්දා (25) මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
එම කාලය අතර දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900ක් යෙදවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
අද(23) උදෑසන සිට ගත වූ පැය 24 තුල 541 දෙනෙකු ඇදිරි නීතිය කඩ කිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 138ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව 18,992කට නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
