ඇත් දළ යුගලක් සමඟ කතරගම දේවාලයේ කපුවෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ඇත් දළ දෙකක් ළග තබාගෙන සිටි කතරගම මහ දේවාලයේ කපු මහතෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා මධ්‍යස්ථානයේ නිලධාරීන් හා කතරගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ බුද්ධි තොරතුරකට අනුව අද (28) සවස මෙම වැටලීම කර තිබෙන අතර කතරගම නගරය ආසන්නයේ ඇති අධාල කපුමහතාගේ නිවස පරික්ෂා කිරීමේදී සෙන්ටිමීටර් 94 ක් හා සෙන්ටිමීටර් 101.5 දිග මෙම ඇත් දල යුගල සොයා ගත් බවයි වනජීවී නිලධාරීන් පවසා සිටියේ .
එමෙන්ම අධාල ඇත් ධල යුගල ළග තබා ගැනීම සදහා සකස්කර තිබු ව්‍යාජ සහතිකපත් කීපයක්ද වනජිවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කතරගම වනජීවී නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

popular news
-
Don Monday, 29 June 2020 08:30 AM
dena deyyo gedaratama genawith denna athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

