ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ
ඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,717ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
හඳුනාගත් ආසාදිතයින් අතර විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු ද සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ දිනයේ දී ද මෙරට දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයින් වාර්තා වී ඇති අතර, 100 ඉක්මවු ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 4කින් පමණි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 348ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 280ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 198ක් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113ක් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊට අමතරව කුරුණෑගල, මහනුවර, කෑගල්ල, පුත්තලම, අම්පාර, රත්නපුර, බදුල්ල හා මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් 50 ඉක්මවා වාර්තා වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස නාරාහේන්පිට ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර ඒ ආසාදිතයින් 45ක් ලෙසය.
මීට අමතරව අවිස්සාවේල්ලෙන් හා මීගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයින් 30 බැගින් වාර්තා වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

