යාපනයේ ආවා කල්ලිය ඇතුළු විවිධ කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ දිවා රාත්රී මෙහෙයුම් ආරම්භ කළ බව පොලීසිය පවසයි.
ආවා කල්ලිය පෙරේදා (05ද ) යාපනය පොලිස් වසමේ හා කෝපායි පොලිස් වසමේදී කළ පහරදීම් වලින් නිවාස දෙකකට හා දේපල රැසකට හානි සිදුවීමත් සමග එම කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා මෙසේ විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මෙම පහරදීම් ආවා කල්ලියේම පිරිසක් දෙකට බෙදී සිදු කොට ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙම කණ්ඩායම් එක්රැස් වන ස්ථාන හා ක්රියාකාරකම් සිදු කරන මාර්ගයන්හීද විශේෂ පොලිස් ආරක්ෂාවක් සැපයීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.