ආරක්ෂක අංශ සාමාජිකයන්ට කොළඹ පාසල් වෙන්කරයි
රාජකාරි අවසන්කරන ආරක්ෂක අංශ සෙබලුන් සහ රාජකාරියට පැමිණෙන ආරක්ෂක අංශ සෙබලුක් දින 14 ක කාලයක් නවතා තැබීමට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් යොදවාගෙන තිබේ.
ඒ අනුව කොටහේන මධ්‍ය විද්‍යාලය , බත්තරමුල්ල සුභුති විද්‍යාලය ආදී විද්‍යාල මේ සඳහා දැනටමත් යොදාගෙන ඇති අතර රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, හින්දු විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩි.එස්. සේනානායක විද්‍යාලය ඇතුලු කොළඹ නගරයේ තවත් පාසල් මේ සඳහා යොදවාගැනීමට රජය තීරණය කර ඇත.
තර්ස්ටන් විද්‍යාලය නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් ද මහානාම විද්‍යාලය යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙද දැනටමත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරිමට කටයුතු ආරම්භ කර තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය , ඩී.එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ හින්දු විද්‍යාලය හෙට (28) සිට මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
රාජකාරියේ නිරතව සිටි ආරක්ෂත අංශ සෙබලුන් නිවෙස්වෙත පිටත් කිරීමට පෙර මෙලෙස දින 14 ක් මෙම පාසල් වල රදවා තබන අතර නිවෙස්වල සිට නැවත රාජකාරියට වාර්තාකරන ආරක්ෂක අංශ සෙබලුන්ට සේවය ලබාගැනීමට පෙර මෙලෙස දින 14 ත් රදවා තැබීමට නියමිතට.
මෙම පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට රජය මගින් ඉල්ලා ඇතිදැයි එම පාසල් වල විදුහල්පතිවරුන්ගෙන් විමසු අවස්ථාවේදී ඔවුන් සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බවක් සඳහන් නොකළ බවත් ආරක්ෂක අංශ සේවකයින් රදවා තැබීමට පාසල් ලබාගැනීමට ඉල්ලීම් කළ බවය.
එලෙස කොපමණ කාලයකට පාසල් ලබාගත්තේදැයි විදුහල් පතිවරැන්ගෙන්ව විමසු අවස්ථාවේ ඔවුන් පැවසුයේ නැවත දැනුම්දෙනතුරු එම පාසල් ආරක්ෂක අංශ සඳහා ලබාගෙන ඇති බවය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේදී හෙතෙම පැවසුයේ ආරක්ෂක අංශ වලට පහසුකම් සැපයීම සඳහා පාසල් ලබාගැනීමට විමසු බවත් ඒ අනුව එම පාසල් ලබාදුන් බවත්ය. මීට අමතරව ආරක්ෂක අංශ වෙත පහසුකම් සැපයීමට අවශ්‍යනම් පාසල් ලබාදෙන ලෙස අනිකුත් පාසල් වල විදුහල්පතිවරැන්ට ද දැනුම්දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
popular news
-
මීඩිය ඩ්‍රාම Monday, 27 April 2020 08:57 AM
මේක බාරදෙනකොට කලින් වගේ බන්දුල ගුණවර්ධන , ඩලස් අලහප්පෙරුම වගේ ය සෞක්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි , දොස්තර අනිල් ජාසිංහ එක්ක ෆොටෝ ගණන්ද නැද්ද එතකොට. මීඩිය ඩ්‍රාම ඉවරයි ද එතකොට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

