ඉදිරියේදී ආපනශාලාවලින් පාරිභෝගිකයන් සඳහා කිරි තේ ලබා දීම අත්හිටුවීමට තීරණය ළ බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරනුයේ කිරිපිටි මිල ඉහළ යාමත් සමග තවදුරටත් කිරිතේ මිල ඉහළ දැමීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කිරිපිටි කිලෝ එකක් සඳහා රුපියල් 1345ක මිලක් දක්වා වැඩි කිරීමට කිරිපිටි සමාගම් සමත් වී ඇතැයි ද ඒ සම්බන්ධව ආණ්ඩුව මුණිවත රැකීම සමාගම්වලට ඔවුන්ට අවශ්‍ය දේ කිරීමට ඉඩ දීමක් බවද ඔහු සඳහන් කරයි.
තමන් ඇතුලු පිරිස අද දිනයේ මේ පිලිබඳව සාකච්ඡා කල බවත් මේ වනවිටත් කිරිපිටි නොමැති වීමෙන් ආපනශාලාවලින් කිරි තේ සෑදිම නවත්වා ඇති බවත් අද දිනයේ නැවත කිරිපිටි මිල ඉහල දැමීමත් සමග ආපනශාලාවලින් මින් ඉදිරියට කිරිතේ සෑදිම නැවැත්වීමට පියවර ගත්බවත් ඔහු සඳහන් කරයි.
මින් ඉහත කිරි තේ කෝප්පයක් සඳහා මිල නියම වුයේ රුපියල් 30-40ත් අතර බවත් මේ වන විට කිරි තේ කෝප්පයක් රුපියල් 60ක් දක්වා ඉහල ගොස් ඇති නිසාවෙන් තව දුරටත් මිල ඉහල දැමීමක් සිදු නොකර කිරි තේ නිෂ්පාදනයෙන් ඉවත් වීමට තම ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කල බවද ඔහු පැවසීය.