ආපදා පුහුණුවලට වැඩියෙන්ම ගිහින් තියෙන්නේ දේශපාලකයින්
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇති කර වසර කිහිපයක් ගතවන විටදි ඩොලර් මිලියන 30 ක් පමණ වැය කර පුහුණුවීම් කර තිබුණත් එම පුහුණුවිම් වැඩිකොටසක් කර ඇත්තේ දේශපාලකයින්ට බවත් ඉන් විද්වතුන් සුලු කොටසක් පුහුණුවීම් කර ඇති බව විගණනය කළහොත් දැනගතහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ගංවතුර ගැලීම් පාලනය කිරිම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරිම සඳහා මහනුවරදි පැවති මාධ්‍ය හමුවකදීය.
ආපදා කළමණාකරණයට විද්වතුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයින් පුහුණු කළ යුතු වුවත් එවැනි පුහුණුවක් නොලැබීමෙන් අපදා කළමනාකරණයට අවශ්‍ය කළමානාකරණය රට තුළ සිදුවී නොමැති බව දත්තවලින් පෙනී යන බවත් ඔහු පැවැසුවේය.
“ජාතික ජල කළමනාකරණ ආයතනය මෙරට පිහිට වුයේ ඉතාම දියුණු සාර්ථක ජල කළමනාකරණයක් රට තුල පැවති නිසා. නමුත් අද මෙරට නැත්තේ ජලකළමනාකරණය ඒ නිසා තමා අද මේ වගේ ගංවතුර තත්වයන් ඇති වන්නෙ.
තෙත් බිම් ගොඩ කිරිම කැලෑ එලි කිරිම් වගේ දේවල් මේවට බලපානවා. විද්වතුන් රජයන් වෙත ඉදිරපත් කරන උපදෙස් ක්‍රියාත්මක කරන්න රජය වසර දෙකක් පමණ ගන්නව ඉන් පස්සෙ ආපහු ඡන්දයක් එද්දි ඒක අමතකයි. ඉන් පස්සෙ ආපහු ජල ගැලිම් එන විට පමණක් ජල කලමනාකරණය සම්බන්ධව කතා කරනවා.”

popular news
-
Dr. K. R. M. U. Bandara Friday, 04 June 2021 02:31 PM
100 ta 1000 k ekangai. Oya kiyana dewal walata amatharawa ape lankawe karanna puluwan kiyaka dewal thiyenawada. Api kiwwata ganan ganne naha. Ekata hethuwa thamai wate inna kalamanakaramaya, paripalanaya saha kiyana kisima deyak ahanne nathi deshapalakayan. Oba oya tikawath kiwwa eka loku dewak. Habai kohoma kiwwath me gollangenam aha arenneth naha. Kan ahanneth naha. Mulika wagakeema paripalanaye. - Bandara
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

