ආනයනික ධාන්‍ය විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කෙරේ
රට තුළ පවතින නියඟය හේතුවෙන් දේශීය සැපයුම පහත වැටීමෙන් ඇතිවන සැපයුම් ඌණතාව තුළ වෙළෙඳ පොළ ස්ථාවරය පවත්වා ගැනීම සඳහා ආනයනය කරනු ලබන ධාන්‍ය මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හෙට (26දා) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, ආනයනික පියලි නොකළ මයිසූර් පරිප්පු සඳහා කිලෝ ග්‍රෑමයකට රු.5/- ක්ව පැවති බද්ද රු.2/- ක් දක්වාද, පියලි නොකළ හා පියලි කළ වටානා පරිප්පු සඳහා පිළිවෙළින් කිලෝ ග්‍රෑමයට රු.22/- ක් හා රු.25/- ක්ව පැවති බද්ද රු.15/- ක් හා රු.18/- දක්වාද අඩු කර ඇත.
තවද, මුං ඇට සඳහා කිලෝ ග්‍රෑමයකට රු.102/- ක්ව පැවති බද්ද රු.70/- දක්වාද, කව්පි සඳහා කිලෝ ග්‍රෑමයකට රු.100/- ක්ව පැවති බද්ද රු.70/- ක් දක්වාද, පියලි නොකළ හා පියලි කළ කොණ්ඩ කඩල සඳහා පිළිවෙළින් කිලෝ ග්‍රෑමයකට රු.12/- ක් හා රු.15/- ක්ව පැවති බද්ද රු.7/- ක් හා රු.10/- ක් දක්වාද, කුරක්කන් සඳහා කිලෝ ග්‍රෑමයකට රු.100/- ක්ව පැවති බද්ද රු.70/- දක්වාද අඩු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

