කොළඹ රාජකීය විද්‍යාලයීය ඉතිහාස සංගමය විසින් දෙවැනි වරට සංවිධාන කරනු ලබන ‘මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ කුසලාන ඉතිහාස දැනුම මිනුම තරගාවලිය 2021’හි අර්ධ අවසන් තරග සහ අවසන් මහා තරගය අද (29දා) පැවැත්වේ. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සංවිධානය කෙරුණු පළමු ඉතිහාස දැනුම මිනුම තරගාවලියද වෙයි.
ඒ අනුව අද පෙරවරු 9.00 සිට 10.00 දක්වා අර්ධ අවසන් වටයේ තරග පැවැත්වෙන අතර, එම වටය සඳහා පාසල් තුනක් තේරී පත්වී තිබේ. කොළඹ ආනන්ද විද්‍යාලයීය B කණ්ඩායම, කොළඹ නාලන්දා විද්‍යාලයීය A කණ්ඩායම සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය A කණ්ඩායම එලෙස අර්ධ අවසන් තරග සඳහා තේරී පත් වූ පාසල් වෙයි. ඉන් අනතුරුව එයින් ජයගන්නා පාසල් දෙක අතර අද පස්වරු 1.30 සිට 3.00 දක්වා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.
මෙවර ‘මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ කුසලාන ඉතිහාස දැනුම මිනුම තරගාවලිය’ තුළ පාසල් 52ක් මේ දක්වා තරග වට 03ක් යටතේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගැටෙමින් තරග වැදුණු අතර, ඒ සියල්ලන් අතරින් විශිෂ්ටතමයන් ලෙස තේරී පත් වූ ආනන්ද, නාලන්ද සහ රිච්මන්ඩ් කණ්ඩායම් අර්ධ අවසන් සහ අවසන් වට සඳහා තරග වදියි.
මෙම තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් මහා තරග පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.
https://youtu.be/rO8jsNII4MY
