ආදායම් පරික්ෂකවරු දෙදෙනෙක් අල්ලස් දැලේ
රුපියල් 60000/= ක අල්ලස් මුදලක් ලබාගත් කරච්චි ප්රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කිලිනොච්චිය ප්රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ආදායම් පරීක්ෂකවරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකාරිය පදිංචි ඉඩමේ පිහිටි නිවසේ සැලැස්ම ප්රාදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකර නීති මගින් කටයුතු කිරීමට හෝ කඩා ඉවත් කිරීමට හැකි බව පවසා ඒ සම්බන්ධව තාක්ෂණික නිලධාරියාටද දන්වා සැලසුම අනුමත නොකර ඉදිකර ඇති නිවසට නීති මගින් කටයුතු නොකර සිටීමට හා කඩා ඉවත් නොකිරීමට රුපියල් 350,000/= ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම මුදල පසුව රුපියල් 100,000/= දක්වා අඩුකර නැවත එම මුදල රුපියල් 60000/= දක්වා අඩුකර පැමිණිලිකාරියගේ නිවස ඉදිරිපිට දී එකී මුදල ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එම විමර්ශන කොමිසමේ නිලධාරීන් කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර ආදායම් පරීක්ෂකවරු දෙදෙනා කිලිනොච්චිය මහේස්ත්රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

