ජනාධිපතිවරණයට අදාළ තහනම් ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ළඟ තබාගෙන සිටියේ යැයි කියන තලවකැලේ ලිදුල නගර සභාවේ උපසභාපති ලෙච්චිමන් භාරතිදාසන් මහතා ඉකුත් (15) රාත්‍රියේ තලවකැලේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් එස්.රාමවික්‍රම මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව මේ මස 18 දින කැඳවිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
උපසභාපතිවරයා තහනම් ආදර්ශ ඡන්ද පත්‍රිකා ළඟ තබාගනිමින් ජනාධිපති මැතිවරණ ප්රචාරක කටයුතු වල නියැලි සිටින බවට 119 හරහා තලවකැලේ පොලීසිය වෙත ලද පැමිණිල්ලක් මත උපසභාපතිවරයාගේ නිවස පරික්ෂා කල අවස්ථාවේ ඔහුගේ නිවස තුළ තිබි ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ආදර්ශ ඡන්ද පත්‍රිකා 219 තිබි අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ.
තලවකැලේ ලිදුල නගර සභාවේ උප සභාපතිවරයා ලංකා කම්කරු කොන්ග්රසය නියෝජනය කරමින් තලවකැලේ ලිදුල නගර සභාව නියෝජනය කරයි.
