මෙරට ආණ්ඩු කරපු කිසිදු දේශපාලන පක්ෂයක් සමග සාම්ප්‍රදායික සන්ධාන ගැසීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු නොකරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ෙපැවසිය.
අද (26දා) ගාල්ලේ පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
“මේ රටේ ආණ්ඩු කරපු සියලු දෙනා මේ විනාශයට වගකිව යුතුයි . හැබැයි ගම් මට්ටමේ සිටින ජනතාවට, නායකයින්ට අපි ආරාධනා කරනවා නව පරිවර්තනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වෙන්න කියලා.
මේ තත්ත්වයට කඩිනම් වෙනසක අවශ්‍යතාවය තියෙනවා. ඒ අනුව සියලු දෙනාට එකතු වෙන්නයි අපි ආරාධනා කරනවා. සාම්ප්‍රදායික පක්ෂ එකතු කරල සන්ධාන ගහන්න අප කටයුතු කරන්නේ නැහැ.
අපේ රටේ ඉතිහාසය නොඇසූ විරූ අර්බුදයක් දැන් හටගෙන තිබෙනවා. අපේ රටේ ආණ්ඩුව අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ණයට කන ආර්ථික ප්‍රතිපත්ති නිසා ණය අරගෙන අරගෙන ඒවා හොරකම් කරල විනාශ කරලා විශාල ණය උගුලක හිර වෙලා.
භාණ්ඩ ගන්නත් සල්ලි ඕන අතේ සතේ නැතුව හතර වටේ ණය වෙන තත්ත්වයක් ඇතිවෙලා අපට තෙල් ටික ගන්න රටවල් රටවල් ගානේ හිගාකන්න වෙන තත්වයක් ඇතිවෙලා. මේ වන විටත් වරායේ ලංකාවට ගෙන ගෙන එනු අත්‍යාවශ්‍ය භාණ්ඩ 1500ක් පමණ කන්ටේනර වෙලා.
ඒවා නිදහස් කරගන්න බෑ මොකද ඩොලර් නැති නිසා . ඒ නිසා රටේ බඩුමිල වැඩිවෙලා භාණ්ඩ හිඟයක් තියෙනවා එළවළු මිල අහස උසට නැගල තියෙනවා.
ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නෑ. ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි දෙයක් කිව්වොත් එයාව අයින් කරල දානවා දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ලා මාස්පතා අයින් කරනවා ආණ්ඩුව කරන පිස්සු වැඩ වැරදි කිව්වම වැරදි නිවැරදි කර ගන්නේ නෑ වැරදියි කියලා කිව්ව කෙනා ඉවත් කරනවා .
විදුලි කප්පාදුවක් අනිවාර්යයෙන් සිදු කරන්න වෙනවා. ආහාර හිඟයක් එනවා. මිනිස්සුන්ට කන්න නැති තත්ත්වයට පත්වෙනවා හැබැයි ඒ කිසිවකට මුහුණ දෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ.
මීට විසඳුම් හොයන්න ජනතා ව්‍යාපාරයක් ජනතා බලයක් ගොඩ නැගිය යුතුයි. ජනතා ප්‍රතිචාර හොඳයි ජනතාව අපිට එක් ප්රශ්නය කියනවා අපි කියන්න කලින්.මේ රටේ පීඩාවට පත්වෙච්ච රැවටීමට ලක් වෙච්ච සියලු ජනතාව අපිට එකට වේවී කියල විශ්වාස කරනවා. අපි ඉතා ඉක්මනින් මේ ආණ්ඩුව වෙනස් කළ යුතුයි කියලා කියන කාරණාව ජනතාවට කියනවා එකට නායකත්වය දෙන්න අපි සුදානම්.”
රවින්ද්‍ර ශ්‍රී ලාල්/ චන්දන සමරවික්‍රම